Friday, May 4, 2012

සැගවුණු අමුත්තෝ

සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය

වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.








මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත.










පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.







දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.






කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත.




මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය






සර්පයෙක් සැගවී සිටින අයුරු












ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි









ගසේ කඳේ පැහැයටම සිටින සලබයා






මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි.





 




බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි






බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ.


 




මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි.








දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි







මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය






කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය










මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ










පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.





තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි.

















මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි.


 



මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ.










 




දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි.







to be continued ....

 

 

No comments:

Post a Comment